ලන්ඩනයේ කොටින්ට සිංහ බලය පෙන්වූ බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මේජර් ජනරාල් නිලයට උසස් කෙරේ

යුද්ධය අවසන් කොට 11 වසරක් සැපරිමේ විජයග්‍රාහී සැමරුමට සාපේක්ෂව යුධ හමුදාවේ නිලධාරින් 17 දෙනෙකු හට උසස් වීම් පිරිනැමීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පියවර ගෙන තිබෙනවා. ඒ යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සිදුකළ ඉල්ලීමකට අනුවයි.
මීට වසර දෙකකට ඉහතදී ලන්ඩනයේ පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට රැස්ව සිටි කොටි හිතවාදීන්ට එරෙහිව නැගී සිටි බ්‍රිගේඩියර් ප්‍රියංකර ප්‍රනාන්දු ද මේජර් ජනරාල් නිලයට උසස් කරනු ලැබ තිබෙනවා.
මෙලෙස උසස් වීම් ලැබූ නිලධාරින් අතර මේජර් ජනරාල් නිලයට උසස් කළ නිලධාරින් 05ක්, බ්‍රිගේඩියර්වරුන් 04 දෙනෙක්, ලුතිනන් කර්නල්වරුන් 39ක්, මේජර් නිලයට 60 දෙනෙක් හා ලුතිනන් නිලයට 60 දෙනෙක් ලෙස උසස් වීම් ලබා සිටින බවයි යුධ හමුදාව පවසන්නේ.
669 Views
Comments