අමෙරිකානු රාජ්‍ය ආරක්ෂක උපදේශකගෙන් ජනපතිට ඇමතුමක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
08

අමෙරිකානු රාජ්‍ය ආරක්ෂක උපදේශකගෙන් ජනපතිට ඇමතුමක්

අමෙරිකානු රාජ්‍ය  ආරක්ෂක උපදේශකගෙන් ජනපතිට ඇමතුමක්

කොරෝනා වසංගතය හමුවේ මෙරටට අවශ්‍ය ශ්වසන ආධාරක යන්ත්‍ර ලබාදීමට අමෙරිකාව ඉදිරිපත් වී තිබෙනවා.

 

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ උපදෙස් මත එරට ආරක්ෂක උපදේශක රොබට් ඕ බ්‍රයන් මේ පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත දැනුම් දී ඇති බව සඳහන්.

 


අමෙරිකානු ආරක්ෂක කවුන්සිලයේ නිල ට්විටර් ගිණුමේ සඳහන් කර ඇත්තේ එරට ආරක්ෂක උපදේශක රොබට් ඕ බ්‍රයන් විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර මේ සම්බන්ධයෙන් සාකච්ජා කොට ඇති බවයි.

 


ශ්‍රී ලංකාව සහ අමෙරිකාව අතර පවතින දීර්ඝ කාලින මිතුදම සහ කොරෝනා වෛරසයට එරෙහිව ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මෙහිදී සාකච්ජාවට බඳුන් වී තිබෙනවා. 

 

views

2277 Views

Comments

arrow-up