දේශීය කිරිපිටි මිල වැඩි කිරිමට අවසර

ආනයනික කිරිපිටි මිලට සමවන පරිදි දේශීය කිරිපිටි මිල ඉහළ දැමීම සඳහා පාරිභෝගික සේවා අධිකාරිය අවසර ලබාදී තිබෙනවා.
මිල්කෝ, පැල්වත්ත සහ නෙස්ලේ ලංකා යන දේශීය කිරිපිටි සමාගම් කෘෂිකර්ම අමාත්‍යාංශය හරහා මුදල් අමාත්‍යාංශයෙන් කළ ඉල්ලීමකට අනුවයි මීට අනුමැතිය ලබාදී ඇත්තේ.
ඒ අනුව පසුගිය මස 28 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි මෙලෙස මිල ඉහළ දැමීමට අවසර ලබාදෙමින් පාරිභෝගික සේවා අධිකාරිය දේශීය කිරිපිටි සමාගම් වෙත ලිපියක් යොමුකර තිබෙනවා.
කෙසේ වෙතත්, මිල වැඩි කිරීමට අදාළ ගැසට් නිවේදනය මේ දක්වා ප්‍රකාශයට පත්කර නොමැති බව රජයේ මුද්‍රණාලයාධිපතිනී ගංගානි ලියනගේ සඳහන් කරයි
පාරිභෝගික සේවා අධිකාරිය ලබාදුන් අවසරයට අනුව රුපියල් 345ක්ව පැවති ග්‍රෑම් 400 දේශීය කිරිපිටි පැකට්ටුව රුපියල් 380 දක්වා මිල ඉහළ නංවා ඇති බව මිල්කෝ සමාගම ප්‍රකාශ කරයි
එමෙන්ම, රුපියල් 860 ක්ව පැවති කිලෝග්‍රෑම් 1ක කිරි පැකට්ටුවක් රුපියල් 945 දක්වා ඉහළ නැංවූ බව මිල්කෝ සමාගමේ සභාපති ලසන්ත වික්‍රමසිංහ සඳහන් කරයි.
817 Views
Comments