5000 ආධාර පෝලිමේ උණුසුම් තත්වයක් - හමුදා සෙබලෙකුගේ ගිනි අවිය පත්තු වෙයි

කොළඹ මාලිගාවත්ත ප්‍රදේශයේ රුපියල් 5000 ආධාරය බෙදී දීමේ අවස්ථාවකදී නාවික හමුදා සෙබලකුගේ ගිනි අවියක් උදුරා ගැනීමට යාමේදී එය පත්තු වී ඇත.
සමාජ දුරස්ථ භාවය රැකෙන පරිදි සකස්කර සිදු පෝලිම්වල අතරමැදින් ඇතුළුවීමට තැත් කල පුද්ගලයෙකු වැළැක්වීමට නාවික හමුදා සෙබළකු දැරූ උත්සාහයක දී මෙම සිදුවීම සිදුව තිබේ.
එම අවස්ථාවේදී ගිනිඅවිය ක්‍රියාත්මකවී උන්ඩ කිහිපයක් පොළොවට එල්ලවී ඇති නමුත් කිසිවකු තුවාල ලබා නැත.
රාජකාරියට බාධා කිරීමේ චෝදනා මත අදාළ පුද්ගලයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූවකු බවත් හෙළිව තිබේ.
සිදුවීම සම්බන්ධයෙන් මාලිගාවත්ත පොලිසිය පරීක්ෂණ පවත්වයි.
1249 Views
Comments