කොරෝනා ඉතිරි ටිකත් ඉවරයක් කරන්න ඔබේ සහාය ඕනෙ - ජනාධිපති ගෝඨාභය

කොරෝනා වසංගතය රට තුළ පැතිරයාම පාලනය කර ඇතැයි ද, එය මේ රටින් තුරන් කර දැමීමට ජනතාවගේ සහාය ඉතා අවශ්‍ය යැයි ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (20) රාත්‍රියේ රූපවාහිනි නාලිකා සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් සඳහන් කළේය.
කොරෝනා වයිරසය නිසා තිබෙන තර්ජනය අවසන් වී නැතැයි කී ජනාධිපතිවරයා සෞඛ්‍ය අංශය නියම කර ඇති පිළිපැදිම්වලින් පිට නොයන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ යැයි ද ජනාධිපතිවරයා කීවේය.
මෙම වසංගතයේ අවදානම දැනගෙන, තමාත් තම රජයත් එය පාලනය කිරීමට කල්තියාම පියවර රැසක් ගත් බව කී ජනාධිපතිවරයා සෞඛ්‍ය අංශත්, ආරක්ෂක අංශත් ඒ සඳහා සුවිශාල සේවයක් ඉටුකළ බවත් සඳහන් කළේය.
කඩාවැටුණු ආර්ථිකය ගොඩනැගීමට ශක්තිමත් පාර්ලිමේන්තුවක් අවශ්‍ය බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවැසීය.
වර්තමාන වසංගත තත්ත්වය හමුවේ දින නියමයක් නොමැතිව මැතිවරණය කල්දමනු ලැබූවේ මැතිවරණ කොමිෂන් සභාව විසින් බවත්, මැතිවරණය යළි පවත්වන දිනය තීරණය කළ යුත්තේ කලින් නියම කර තිබූ දිනය වෙනස් කළ ස්වාධීන මැතිවරණ කොමිසමම බවත්, ජනාධිපතිවරයා කීවේය.
පවතින තත්ත්වය හමුවේ සුදුසු ආකාරයට මැතිවරණය පැවැත්වීමේ අවස්ථාව මැතිවරණ කොමිසමට තිබෙන බවත් අවශ්‍ය නම් මැතිවරණය සඳහා දින කිහිපයක් වූවද ගත හැකි බවත් ජනාධිපති රාජපක්ෂ මහතා පැවැසීය.
කුමන හේතුවක් නිසාවත් පරණ පාර්ලිමේන්තුව යළි කැඳවීමට තමාට අවශ්‍යතාවක් නැති බවත්, ඒ සඳහා තමාට නීතිමය වාතාවරණයකුත් නැති බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.
මැතිවරණය දිගින් දිගටම කල් දැමීමට කරන ඉල්ලීම් හරහා රට ව්‍යවස්ථාපිත අර්බුදයකට ගෙනයා හැකි යැයි සිහින දකින අයගේ අරමුණ කුමක්ද යන්න වටහා ගැනීමේ අවස්ථාව ජනතාවට තිබෙන බව ද ජනාධිපතිවරයා කීවේය.
කොරෝනා මර්දනය සහ ආර්ථික පුනර්ජීවනය පිළිබඳ සිදුකළ සාකච්ඡාව.ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග මහතා සමඟ කොරෝනා මර්දනය සහ ආර්ථික පුනර්ජීවනය පිළිබඳ සිදුකළ සාකච්ඡාව. ஜனாதிபதியின் பிரதான ஆலோசகர் லலித் வீரதுங்க அவர்களுடன் கொரோனா வைரஸ் ஒழிப்பு மற்றும் நாட்டின் பொருளாதாரத்தை மீள கட்டியெழுப்புதல் சம்பந்தமான கலந்துரையாடல். A Discussion with Chief Presidential Advisor Lalith Weerathunga on Corona Suppression and Economic Revival. #gotabayarajapaksa #GRSM #COVID19SL #TogetherWeCan
Posted by Gotabaya Rajapaksa on Monday, April 20, 2020
822 Views
Comments