අසරණ වු ගොවින්ගේ එළවළු කිලෝ ලක්ෂ 9ක් රජය මිල දී ගනී

ජනාධිපති කාර්ය සාධක බලකායේ මැදිහත්වීම මත ක්‍රියාත්මක කළ එළවළු මිලදී ගැනීමේ රජයේ වැඩපිළිවෙල මඟින් අප්‍රේල් 11 හා 12 දෙදින තුළ එලවළු කිලෝග්‍රෑම් ලක්ෂ 09 කට අධික ප්‍රමාණයක් මිලදී ගෙන තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මේ බව සඳහන් කරයි.
ඒ අනුව, එළවළු හා පළතුරු මිලදී ගැනීමේ විශේෂ වැඩපිළිවෙලක් අත්‍යාවශ්‍ය සේවාවන් සඳහා වූ විශේෂ ජනාධිපති කාර්ය සාධක බළකායේ මැදිහත්වීමෙන් රජය විසින් ක්‍රියාත්මක කර ඇති අතර, රට තුළ ක්‍රියාත්මක වන ඇඳිරිනීති තත්ත්වය තුළ තම නිෂ්පාදන අලෙවි කර ගැනීමේ ගැටළුවකට මුහුණ පා සිටින ගොවි ජනතාවට සහන සැලසීම හා සිංහල හා හින්දු අලුත් අවුරුදු සහ පාස්කු සමය තුළ එළවලු හා පළතුරු පාරිභෝගික ජනතාව වෙත බෙදා හැරීම මෙහි අරමුණයි.
මෙම වැඩපිළිවෙල යටතේ අප්‍රේල් 11 හා 12 දෙදින තුළ එලවළු කිලෝග්‍රෑම් ලක්ෂ 09 කට අධික ප්‍රමාණයක් (904,010.00 ) රජය විසින් මිලදී ගෙන ඇත.
මේ සඳහා අවශ්‍ය අරමුදල් නුවරඑළිය සහ මාතලේ දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත මේ වන විටත් නිකුත් කර ඇති අතර, ආර්ථික මධ්‍යස්ථාන හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් එලවළු මිලදී ගැනීම අප්‍රේල් 11 දින ආරම්භ කර තිබේ.
එම එළවළු ප්‍රවාහනය කිරීමේ කටයුතු අප්‍රේල් 12 මධ්‍යම රාත්‍රිය වන විටත් ක්‍රියාත්මකව තිබුණි.
එළවළු මිලදී ගැනීම ආර්ථික මධ්‍යස්ථාන මට්ටමින් ගත්විට, නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයට ලැබුණු එළවළු තොග අප්‍රේයෙල් 11 වන දිනයේදීම මිලට ගෙන අවසන් කර ඇත.
එමෙන්ම,එම තොග එදිනම රටපුරා බෙදා හරින ලදී.
නුවරඑළියෙන් මිලදී ගත් සම්පූර්ණ එළවලු කිලෝග්‍රෑම් ප්‍රමාණය 3,17,396 ක් වන අතර, මෙම එළවළු තොගයේ සම්පූර්ණ වටිනාකම රුපියල් 28,634,975.00 ක් වෙන බව ද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
659 Views
Comments