බස්රථවල මගී ප්‍රවාහනය ක්‍රමවේද 3 යටතේ - එම ක්‍රමවේද 2කට ගාස්තු සංශෝධන
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
08

බස්රථවල මගී ප්‍රවාහනය ක්‍රමවේද 3 යටතේ - එම ක්‍රමවේද 2කට ගාස්තු සංශෝධන

බස්රථවල මගී ප්‍රවාහනය ක්‍රමවේද 3 යටතේ - එම ක්‍රමවේද 2කට ගාස්තු සංශෝධන

නිරෝධායන ඇඳිරි නීතිය හෙට දිනයේ (09) ඉවත්කිරීමෙන් අනතුරුව ප්‍රවාහන සේවා සඳහා කොවිඩ් ප්‍රවාහන ප්‍රතිපත්තියක් එළිදැක්වීමට නියමිත බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සඳහන් කරනවා.

 

වැඩි දුරටත් ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා මෙලෙස සඳහන් කරනු ලැබුවා.

 

“තාම එළිදැක්වූවේ නැති වුණත් ප්‍රවාහනය පිළිබඳව ක්‍රමවේද 3ක් අපි මේ වනවිට යුද හමුදාපතිවරයාටත් සෞඛ්‍ය අංශවලටත් හඳුන්වා දීලා තියෙනවා.

සඳුදා හෝ අඟහරුවාදා වෙනකොට අපි කොවිඩ් ප්‍රවාහන ප්‍රතිපත්ති එළිදක්වන්න බලාපොරොත්තු වෙනවා. කොවිඩ් තත්ත්වය යටතේ සුරක්ෂිතව මගීන් ප්‍රවාහනය කිරීම කෙසේ සිදුවිය යුතුද කියන දේ පිළිබඳව තමයි එහි සකස්කරලා තියෙන්නේ.

සාමාන්‍ය ක්‍රමය යටතේ ධාවනය කරනවා නම් ඒ කියන්නේ මගීන් අසුන්ගෙන වගේම හිටගෙනත් යනවා නම් ගාස්තු අපි වැඩිකරන්නේ නෑ. අනෙක් ක්‍රමවේදය ආසන ගණනට මගීන් ධාවනය කිරීම. තුන්වෙනි ක්‍රමවේදය තමයි යම් නිරෝධායන ප්‍රදේශයක තර්ජනයක් තියෙනවා කියලා සෞඛ්‍ය අංශ අපිට දැනුම් දුන්නොත් එක ආසනයකට එක මගියෙක් බැගින් රැගෙන යාම.

මේ ක්‍රමවේද දෙකේ යම් ගාස්තු සංශෝධනයක් අපිට කරන්න වෙයි,”

 

views

645 Views

Comments

arrow-up