සහෝදර ආරවුලක් දුරදිග ගොස් 19 හැවිරිදි තරුණයෙක්ව ඝාතනය කෙරේ

කුරුවිට පොලිස් වසමේ වලදුර ප්‍රදේශයේ සහෝදරයන් දෙදෙනෙකු අතර ඇති වු ආරවුලක් දුරදිග යෑමෙන් ඝාතනයක් සිදුව තිබේ.
පොලීසිය සඳහන් කළේ, බාල සහෝදරයා විසින් වැඩිමහල් සහෝදරයාට කතුරකින් ඇන බරපතළ තුවාල සිදුකර රත්නපුර රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගොස් ඇති බවය.
එලෙස මියගොස් ඇත්තේ 19 හැවිරිදි පාසල් සිසුවෙකි.
මෘත ශරීරය රත්නපුර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, ඝාතනය සම්බන්ධයෙන් 17 හැවිරිදි බාල සහෝදරයා අත්අඩංගුවට ගෙන ඇත.
කුරුවිට පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
294 Views
Comments