ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් සියයට 10කට වකුගඩු රෝග
විදේශගත ඔබට
Latest_News
calendar
APR
29

ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් සියයට 10කට වකුගඩු රෝග

ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් සියයට 10කට වකුගඩු රෝග

මෙරට ජනගහනයෙන් සියයට 10ක් පමණ වකුගඩු රෝගී තත්ත්වයෙන් පෙළෙන බව සමස්ත ලංකා වකුගඩු රෝගීන්ගේ සංගමයේ ප්‍රධාන අනුශාසක විශේෂඥ වෛද්‍ය සංජය හෙයියන්තුඩුව මහතා පවසයි.

 

දියවැඩියාව වැළදීම මෙරට වකුගඩු රෝගීන් සංඛ්‍යාව ඉහළ යාමට බලපාන ප්‍රධාන සාධකය බව විශේෂඥ වෛද්‍ය සංජය හෙයියන්තුඩුව මහතා සඳහන් කළේය.

 

"අපේ රටේ 10% විතර කිසියම් හෝ වකුගඩු රෝගයෙක් සිටිනවා. ඇත්තටම මේ සඳහා විවිධ සාධක බලපානවා. මෙම රෝග වළක්වා ගැනීම සඳහා යොමු වෙන්න ඕනේ. විශේෂයෙන්ම දියවැඩියාව තමා අපේ රටේ වකුගඩු නරක් වෙන්න බලපාන ප්‍රධානතම සාධකය. මනා දියවැඩියා පාලනය තමා මෙම රෝගීන් වකුගඩු රෝගයෙන් බේරීමට කළ යුත්තේ. ඊට අමතරව වෛද්‍ය උපදෙස් පිළිපැදීම, සායනවලට නිසි පරිදි සහභාගී වීම, ඉතාම වැදගත්. ආහාරවල අධික ලුණු, සීනි හා තෙල් අඩු කරගෙන, නීරෝග අයෙක් නම් දිනකට වතුර ලීටර් තුන හමාරක් පමණ පානය කිරීම තුළින් මෙම රෝගයෙන් මිදීමට අවස්ථාව ලැබෙනවා."

views

309 Views

Comments

arrow-up