ලංකා බැංකු සේවකයෝ වර්ජනයකට සැරසෙති
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
05

ලංකා බැංකු සේවකයෝ වර්ජනයකට සැරසෙති

ලංකා බැංකු සේවකයෝ වර්ජනයකට සැරසෙති

ලංකා බැංකුවේ සියලුම ශාඛාවල හෙට ( 6)  සංකේත වර්ජනයක් පැවැත්වීමට තීරණය කර ඇතැයි ලංකා බැංකු ශාඛා සේවක සංගමයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති අනුරාධ  නිරාජ් පීටර් මහතා  සඳහන් කරයි. 

 


ලංකා බැංකුවේ මහ කළමණාකාර තනතුර පත් කිරීම සඳහා වසර 80 ක කාලයක් අනුගමනය කළ ක්‍රියා පිළිවෙත නොසලකා අමාත්‍ය මණ්ඩල  සංදේශයකින් අඩු සුදුසුදුකම් ලැබූ අයෙක්  පත් කිරීම පිළිබඳව විරෝධය දක්වා හෙට සංකේත වැඩවර්ජනයක්  පවත්වන බව අනුරාධ මහතා කීය.

 


ලංකා බැංකුවේ මහ කළමණාකාරවරයා වශයෙන් කටයුතු කළ පූර්ණ සුදුසුකම් ඇති කීර්තිමත් නිලධාරියෙකු වූ සෙනරත් බණ්ඩාර මහතා ඉවත් කර ඔහුට වඩා අඩු සුදුසුකම් ඇති පුද්ගලයෙකු අමාත්‍ය මන්ඩල තීන්දුව මත පත් කිරිම පිළිබඳව මෙම විරෝධය පැවැත්වෙයි.
රටපුරා ලංකා බැංකු ශාඛා 637 ක 10,000 ක පමණ බැංකු සේවක පිරිසක් සේවය කරති.

 

views

783 Views

Comments

arrow-up