ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රීඩාලෝලීන්ගෙන් සමාව ඉල්ලයි

හම්බන්තොට සූරියවැව ක්‍රීඩාංගණයේ තරඟය නැරඹීමට පැමිණී ක්‍රීඩා ලෝලීන්ට පොලීසිය සහ ආරක්ෂක අංශය පහරදීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමාව ඉල්ලා සිටියි.
වසර තුනකට පමණ පසුව ඊයේ පැවති පළමු ජාත්‍යන්තර ක්‍රිකට් තරගය නැරඹීම සඳහා ක්‍රීඩාලෝලීන් අතර දැඩි උද්යෝගයක් පැවතුණා.
එම නිසාම අද තරගය නැරඹීමට පැමිණි පිරිසට සාපේක්ශව ප්‍රවේශපත් නිකුත් කරන ස්ථානයේ රාජකාරියේ යෙදීමට සිටි පිරිස අඩු වීම හේතුවෙන් ක්‍රීඩාංගණයට ප්‍රවිශ්ඨ වන ගේට්ටුව අසල නොසන්සුන්තාවයක් ඇති වුණා.
අනතුරුව ඇතිවු නොසන්සුන්තාවය පාලනය කිරීම සඳහා පොලීසියට සහ යුද හමුදාවට මැදිහත්වීම දක්නට ලැබුණා.
677 Views
Comments