Pick me - Uber වෙනුවට රජයෙන් හදුන්වා දෙන අලුත්ම Taxi ඇප් එක
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
27

Pick me - Uber වෙනුවට රජයෙන් හදුන්වා දෙන අලුත්ම Taxi ඇප් එක

Pick me - Uber වෙනුවට රජයෙන් හදුන්වා දෙන අලුත්ම Taxi ඇප් එක

රජයේ අවධානය මෙරටට පැමිණෙන විදෙස් සංචාරකයන්ගේ ගමන් පහසුකම් ඇතුලු සියලු කටයුතු සුරක්ෂිතව ඉටු කර ගැනීම සදහා නව අන්තර්ජාල යෙදවුමක් හදුන්වාදීමට යොමුව තිබේ.

 

සංචාරක හා ගුවන් සේවා අමාත්‍යාංශය සදහන් කරන ආකාරයට සංචාරක මණ්ඩලය හරහා ක්‍රියාත්මක වන මෙම යෙදවුම හරහා මෙරටට පැමිණෙන සංචාරකයෙකුට නවාතැන් පහසුකම් , කුලී රථ සේවා ඇතුලු සිය සංචාරයට අදාල සියලු කටයුතු සුරක්ෂිතව ඉටු කර ගැනීමේ හැකියාව හිමි වේ.

 

සංචාරක කර්මාන්තය ආශ්‍රීතව සිදුවන නීති විරෝධී ක්‍රියාකාරකම් හා අපචාර වැලැක්වීම සදහා වන වැඩපිළිවලේ එක් අංගයක් ලෙසයි මෙම අන්තර්ජාල යෙදවුම හදුන්වා දීමට යෝජනා වී ඇත.

 

එමෙන්ම සංචාරක පොලීසියේ කටයුතුද වඩාත් පුලුල් කිරීමට නියමිතයි.

 

සංචාරක පොලීසියේ දැනට පවතින නිළ ඇදුම වෙනුවට නව නිළ ඇදුමක් හදුන්වා දීමටත් , ඒ සදහා නිළධාරීන් බදවා ගැනීමටත් සැලසුම් කර තිබේ.

views

763 Views

Comments

arrow-up