උදයංග වීරතුංග CID භාරයට

මිග් යානා ගනුදෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන ගණනක් මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී අධිකරණය මඟහරිමින් විදෙස්ගතව සිටි රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා අද (14) අළුයම ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව වාර්තා වේ.
ඕමානයේ මස්කට් ගුවන් තොටුපලේ සිට අද අළුයම කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලට පැමිණි ඒ මහතාව මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන් භාරයට ගෙන ප්‍රශ්න කෙරෙමින් පවතින බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.
උදයංග වීරතුංග මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඥාති සහෝදරයකු ද වේ.
673 Views
Comments