හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩට යළි සිතාසි

හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතාට යළි සිතාසි නිකුත් කිරීමට කොළඹ මහාධිකරණය කටයුතු කළා.
එම සිතාසි වැඩබලන පොලිස්පතිවරයා සහ නාවික හමුදාපතිවරයා හරහා යොමු කරන ලෙසයි ත්‍රීපුද්ගල මහාධිකරණය තවදුරටත් නියෝග කළේ. ඒ පුද්ගලයන් 11 දෙනෙකු පැහැරගත් බවට වන නඩුවට අදාළවයි.
හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ අද (07) දිනයේ ද අධිකරණයේ පෙනී සිටියේ නැහැ. ඒ අනුවයි ඔහුට යළි සිතාසි නිකුත් කෙරුණේ. පුද්ගලයන් 11 දෙනෙකු පැහැරගෙන ඝාතනය කිරීමට කුමන්ත්‍රණ කළ බවට වන චෝදනාවට අදාළ නඩුව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණයේදී අද (07) යළි විභාගයට ගැනුණා.
කරන්නාගොඩ මහතා ඇතුළු 14 දෙනෙකුට එරෙහිව නීතීපතිවරයායි නඩුව ගොනු කර ඇත්තේ. මේ අතර මෙම නඩුවට අදාළ සාක්ෂිකරුවන්ගේ ලේඛණ විත්තිකරුවන්ගේ පාර්ශ්වයට ලබා දීම අද සිදු කෙරුණා.
656 Views
Comments