කපිල චන්ද්‍රසේනගේ බිරිඳගේ සිංගප්පූරු ගිණුමෙන් ලංකාවේ කෙනෙකුටත් මුදල් එවලා

වංචනික ලෙස සිදුකළ එයාර් බස් ගනුදෙනුවෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවයෙහි හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ බිරිඳ අල්ලස් ලෙස ලබාගත් ඇමරිකානු ඩොලර් මිලියන 02ක මුදල බැර කෙරුණු සිංගප්පූරු බැංකු ගිණුමෙන් ශ්‍රී ලංකාවේ පදිංචි පුද්ගලයින් එක් අයකු හෝ දෙදෙනෙකුට ද මුදල් ලබාදී ඇති බව හෙළිවී ඇතැයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතා අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.
ඒ, ඊයේ (06) දිනයේදී කපිල චන්ද්‍රසේන මහතා සහ ඔහුගේ බිරිඳ වන ප්‍රියංකා නියෝමාලී විජේනායක මහත්මිය අධිකරණය හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදීය.
ඒ අනුව එසේ මුදල් ලැබුණු ගිණුමේ හිමිකරුවන්ගෙන් ද ප්‍රශ්න කිරීමට කටයුතු කරන බවයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළේ.
650 Views
Comments