ඡන්ද මධ්‍යස්ථාන වලට ඡන්ද පෙට්ටි ප්‍රවාහනය අද

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම සදහා ඡන්ද මධ්‍යස්ථාන සකස් කිරීම අද (15) සිදු කෙරෙනවා. රටපුරා පිහිටුවා ඇති මුළු ඡන්ද මධ්‍යස්ථාන ගණන 12,845 ක්. එම ඡන්ද මධ්‍යස්ථාන වෙත ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කිරීම අද පෙරවරුවේ සිදු කිරීමට නියමිතයි.
අද උදැසන සිට ජන්ද මධ්‍යස්ථාන වෙත ජන්ද පෙට්ටි සහ අවශ්‍ය ලිපි සහ අවශ්‍ය සියලුම ද්‍රවයන් බෙදා හැරීම සිදුකරන ලබන අතරම රාජකාරි සඳහා යොදවා ඇති නිලධාරීන් ද දහවල් 12.00 සිට අදාළ ජන්ද මධ්‍යස්ථාන වෙත සිය රාජකාරී සඳහා වාර්තා කරන බවයි" වැඩිදුරටත් කරුණු දක්වමින් මැතිවරණ කොමිසමේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක ප්‍රකාශ කර සිටියේ.
ඡන්ද පෙට්ටි ඡන්ද මධ්‍යස්ථාන වෙත රැගෙන යාමෙන් පසු පස්වරුවේ ඡන්ද මධ්‍යස්ථානවලදී ඡන්ද විමසීම සදහා වූ පෙරහුරුවක්ද සිදු කෙරෙන බව මෙහිදී ප්‍රකාශ කෙරුණා.
මේ අතර ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම සදහා මෙවර කාඞ්බෝඞ්වලින් සකස් කළ විශේෂිත ආකාරයේ ඡන්ද පෙට්ටිද යොදා ගැනෙන බවයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පවසන්නේ.
ඡන්ද පෙට්ටි ඡන්ද මධ්‍යස්ථාන වෙත ප්‍රවාහනය කිරීමේදී ඊට විශේෂ ආරක්‍ෂාවක්ද සැපයෙනවා.
ඡන්ද මධ්‍යස්ථාන 12845 සදහාද විශේෂ ආරක්‍ෂාවක් සැපයා තිබෙනවා.
680 Views
Comments