උසස් පෙළ හා ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින සිසුන්ට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක්

Covid-19 වසංගත තත්ත්වය පැතිරීම වැළැක්වීම සඳහා ආරක්ෂක වැඩපිළිවෙළක් ලෙස 2020 වර්ෂයේ දී පැවැත්විමට නියමිත අධ්‍යයන පොදු සහතිකපත්‍ර උසස් පෙළ විභාගය සහ පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය සඳහා පෙනී සිටීමට නියමිත සියලුම සිසුන්ගේ සෞඛ්‍ය තත්ත්වය ඇතුළු අනෙකුත් තොරතුරු ලබා ගැනීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය විසින් කටයුතු සැලසුම් කර ඇත.
ඒ අනුව අදාළ විභාග පැවැත්වීමට පෙර සියලුම සිසුන් තම තොරතුරු අධ්‍යාපන අමාත්‍යාංශයේ වෙබ් අඩවියේ ඉදිරිපත් කර ඇති තොරතුරු පත්‍රිකාවට ඇතුළත් කිරීමට කටයුතු කළ යුතුය.
මෙම තොරතුරු ඇතුළත් කිරීම සඳහා https://info.moe.gov.lk ඔස්සේ පිවිසිය හැකිය.
1074 Views
Comments