OCT
02
කටානේ කෝටි තුනේ කොල්ලයට සම්බන්ධ සිව්දෙනෙකු අල්ලයි

කටාන අක්කර 50 ප‍්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් මිලියන 30 කට ආසන්න මුදලක් ඉකුත්දා කොල්ලකෑමේ සිද්ධියකට අදාළ සැකකරුවන් සිව්දෙනෙකු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අනුරාධපුර, ගම්පහ, නිකවැරටිය සහ කුරුණෑගල යන ප‍්‍රදේශවලදී එම සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි කටාන පොලිසිය පැවසුවේ.
කොල්ලකෑමට යොදාගත් මෝටර් රථයක් සහ යතුරු පැදියක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා. සැකකරුවන් කොල්ලකෑ මුදල්වලින් රුපියල් ලක්ෂ 72 ක මුදලක් ද සොයාගෙන ඇති බවයි කටාන පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.
765 Views
Comments