විවාහ උත්සවවල පිරිස 200 කරන්න රජය සූදානම්
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
25

විවාහ උත්සවවල පිරිස 200 කරන්න රජය සූදානම්

විවාහ උත්සවවල පිරිස 200 කරන්න රජය සූදානම්

විවාහ මංගල්‍ය හා වෙනත් උත්සව සඳහා සහභාගි කරගත හැකි පිරිස 200ක් දක්වා වැඩිකිරීමට රජයේ අවධානය යොමු වී ඇති බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන්සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා.


ඔහු මේ බව පැවසුවේ ජුනි 23 වැනි දින සමස්ත ලංකා උත්සව ශාලා හා ආහාරපාන සපයන්නන්ගේ සංගමය සමඟ පැවති සාකච්ඡාවකදීය. ඊට අදාළ යෝජනාව දැනටමත් කෝවිඩි -19 පාලනය කිරීමේ ජනාධිපති කාර්යසාධක බලකාය වෙත යොමු කර ඇතැයි අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් පැවසුවා.



කොඩිඩ් 19 වසංගතය හේතුවෙන් කෙතරම් විශාල උත්සව ශාලාවක් වුව ද විවාහ මංගල උත්සව හා වෙනත් උත්සව සඳහා සහභාගී කරගත හැකි සංඛ්‍යාව 100 දක්වා සීමා කිරීමට පසුගිය මැයි මස 25 වන දින සිට කටයුතු කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිවේදනය කරනු ලැබුවා. කෙසේ වෙතත්, සමස්ත ලංකා උත්සව ශාලා හා ආහාරපාන සපයන්නන්ගේ සංගමයේ නියෝජිතයින් පෙන්වා දෙන්නේ එම සංඛ්‍යාව ප්‍රමාණවත් නොවන බවයි.

 

දැනට පවත්නා නියමයන්ට අනුව, මංගල උත්සව හා වෙනත් උත්සව සඳහා සහභාගි කර ගත හැකි උපරිම සංඛ්‍යාව 100ක් වන අතර එය සාමාන්‍ය තත්ත්වය යටතේ උත්සව ශාලාවට ඇතුළු කර ගත හැකි සංඛ්‍යාවෙන් 40%ක ප්‍රමාණය නොඉක්මවිය යුතු වෙනවා.



මීට අමතරව, සංචාරක සංවර්ධන මණ්ඩලයේ ලියාපදිංචි වී නැත්නම් සංචාරක අධිකාරියේ කඩිනමින් ලියාපදිංචි වන ලෙසත් ඒ සඳහා අයදුම් කිරීමට මේ වන විට අන්තර්ජාලය ඔස්සේ පහසුකම් සලසා ඇති බවත් ඇමතිවරයා එම සංගම් නියෝජිතයින්ට උපදෙස් දුන්නා.

 

views

769 Views

Comments

arrow-up