මැතිවරණයෙන් පසු ඇමරිකාව සමග MCC ගිවිසුම අත්සන් තබනවා.. එය වලකන්න අපි දිවි පුදනවා..- අනුර
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
18

මැතිවරණයෙන් පසු ඇමරිකාව සමග MCC ගිවිසුම අත්සන් තබනවා.. එය වලකන්න අපි දිවි පුදනවා..- අනුර

මැතිවරණයෙන් පසු ඇමරිකාව සමග MCC ගිවිසුම අත්සන් තබනවා.. එය වලකන්න අපි දිවි පුදනවා..- අනුර

ඇමරිකාව සමග මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම අත්සන් කිරීම සඳහා ආණ්ඩුව රහස් එකඟතාවක සිටින බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා සඳහන් කරයි.

 

කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලය මේ බව ඉතා පැහැදිලිව ප්‍රකාශ කර ඇති බවත් පාර්ලිමේන්තු මැතිවරණය අවසන් වූ වහාම ගිවිසුම අත්සන් කරන බවත් ඔහු පැවසීය.

 

අදාළ ගිවිසුමේ අනාගතය ගැන ආණ්ඩුව සහ ඇමරිකාව ඉතා අවබෝධයෙන් කටයුතු කරන බව පෙනී යන බවද ඔහු පැවසීය.

 

යම් හෙයකින් අප්‍රේල් මාසයේ පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වූවා නම් මැයි මාසයේ දී එම ගිවිසුම අත්සන් කිරීමට නියමිතව තිබූ බවද ඔහු සඳහන් කළේය.

 

එම ගිවිසුම අත්සත් තැබීම වැලැක්වීමට දිිවි පුදා හෝ තම පක්‍ෂය කැපවන බවද ඔහු සදහන් කලේය.

 

views

739 Views

Comments

arrow-up