අදත් විශේෂ සර්ව පාක්ෂික හමුවක්

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් අද (02) පෙරවරු 10.00ට විශේෂ සර්ව පාක්ෂික හමුවක් කැඳවා තිබේ.
පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය කළ සියලුම පක්ෂ නායකයින්ට මෙම රැස්වීමට ආරාධනා කර ඇති බව සඳහන්.
මේ අතර එක්සත් ජාතික පක්ෂය යළි පාර්ලිමේන්තුව කැඳවා යළිත් ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා යෝජනාවක් ද ඉදිරිපත් කිරීමට සූදානමින් සිටින බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.
විශෙෂයෙන් අප්‍රේල් 30 වනදා වනවිට අතුරු සම්මත ගිණුමේ කාලය අවසන්වීම හේතුවෙන් රජයේ වියදම් සඳහා මුදල් වෙන්කර ගැනීමට ව්‍යස්ථානුකූල ප්‍රතිපාදන නොමැතිවීමේ අර්බුදයට පිළියමක් වශයෙන් මෙම යෝජනාව ඉදිරිපත් කෙරෙන බවත් ආරංචිමාර්ග පැවසීය.
673 Views
Comments