“විනෝද සමයේ ප්‍රතිඵල තව සති දෙක තුනකින් ලැබෙයි” - විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත්
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
19

“විනෝද සමයේ ප්‍රතිඵල තව සති දෙක තුනකින් ලැබෙයි” - විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත්

“විනෝද සමයේ ප්‍රතිඵල තව සති දෙක තුනකින් ලැබෙයි” - විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත්

ගෙවීගිය සති අන්ත නිවාඩුවේදී හිතු මතේ විනෝදවූ ජනතාව අතර කොවිඩ් 19 වෛරසය ශීඝ‍්‍රයෙන් පැතිරී ඇතැයිද එහි ප්‍රතිඵලය තව සති තුනකින් පමණ දැකගත හැකි වනු ඇතැයිද සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසීය.

 

තවමත් පෙර මෙන් කොවිඩ් පොකුරු නිර්මාණය නොවීම රටේ වාසනාවක් වුවත් දැනට රට වටින්ම වාර්තාවන රෝගීන්ගේ වාර්තා සැලකිල්ලට ගැනීමේදී යම් වැඩිවීමක් දක්නට ලැබෙන බවත් ඒ මහතා සඳහන් කළේය.

 

රටේ ආර්ථික සහ එදිනෙදා ජන ජීවිතය සාමාන්‍ය පරිදි පවත්වාගෙන යෑමට සෞඛ්‍ය අංශ ඉඩ ලබා දුන්නේ දිගටම රට වසාගෙන කටයුතු කළ නොහැකි නිසා බවද වසංගතය අවසන් බවක් එමගින් තහවුරු කළේ නැතැයිද විශේෂඥ වෛද්‍යවරයා වැඩි දුරටත් කියා සිටියේය.

 

වරින්වර රට වැසීමේ ආදීනව දැන් මුළු රටේම ජනතාවට අවබෝධවී තිබියදී වසංගතය අවසන් වූ පරිදි වගකීම් විරහිත ලෙස මේ ආකාරයට හැසිරීම මත යළි වසාදමන තැනකට රට පත්විය හැකි බවත් ඒ මහතා පෙන්වා දුන්නේය. 

views

445 Views

Comments

arrow-up