සිරිකොත වටලන්න අපිට ඕන නෑ අපි වටලන්නේ මුළු රටම – රාජිත

රජයට එරෙහිව හඬ නැගිය හැකි පුද්ගලයින් ජාතික ලැයිස්තුවෙන් නියොජනය විය යුතු බව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා.
රනිල් වික්‍රමසිංහ මහතාට සංවිධානාත්මක බව පිළිබඳව කිසිඳු අවබෝධයක් හෝ උවමනාවක් නොතිබූ බවත් ඒ හේතුවෙන් ගම් මට්ටම දක්වා එක්සත් ජාතික පක්ෂයේ සියලුම ස්ථර විනාශ වී ගිය බවත් පවසනවා.
තම පක්ෂයේ අරමුණ තවත් වසර එකහමාරකින් පැවැත්වෙන පලාත් පාලන ආයතන මැතිවරණය ජය ගැනීම බවත් එක්සත් ජාතික පක්ෂයේ ඉතිරිව ඇති සියල්ලන්ම තමන් සමඟ එක් වනු ඇති බවත් ඒ මහතා ප්‍රකාශ කරනවා.
“සිරිකොත වටලන්නෙ මොකටෙයි? අපිට තියෙනවනේ පක්ෂ කාර්‍යාලයක්. අපි වටලන්නෙ මුළු රටම” යැයි ඒ මහතා අවධාරණය කර සිටියි.
861 Views
Comments