කරුගේ අවසානය ව්‍යවස්ථාදායක සභාවේ ගත් තීරණ
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
04

කරුගේ අවසානය ව්‍යවස්ථාදායක සභාවේ ගත් තීරණ

කරුගේ අවසානය ව්‍යවස්ථාදායක සභාවේ ගත් තීරණ

පසුගිය පාර්ලිමේන්තුව විසින් පත්කරගන්නා ලද ව්‍යවස්ථාදායක සභාව අවසන් වරට ඊයෙ (03) රැස්වුණි.

 


ව්‍යවස්ථාදායක සභාව ඊයෙ පස්වරුවේ රැස්වුණේ හිටපු කථානායක, එහි සභාපති කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙනි.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, මහින්ද සමරසිංහ, බිමල් රත්නායක යන මහත්වරු ඇතුලු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයින් 6 දෙනෙක් ඊට එක්වුණි.

 


හිටපු විපක්ෂ නායක ලෙස සජිත් ප්‍රේමදාස මහතාද ඊට සහභාගී විය යුතු වුවත් ඔහු පැමිණ සිටියේ නැත.

 


මෙහිදී මානව හිමිකම් කොමිසම හා රාජ්‍ය සේවා කොමිසම යන කොමිසම්වල මෙන්ම හානි පූර්ණය පිළිබඳ කාර්යාලයේ පවතින පුරප්පාඩු සම්පූර්ණ කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා වී තිබේ.

 


මීට අමතරව මුදල් කොමිසම, සීමා නීර්ණ කොමිසම, රාජ්‍ය ගිණුම් සේවා කොමිසම හා ප්‍රසම්පාදන කොමිසම විසින් ඉදිරිපත් කර ඇති කාර්තු වාර්තා ඇගයීමට ලක් කිරීමද මෙහිදී සිදු කෙරුණි.

views

1046 Views

Comments

arrow-up