ඡන්දකාඩ් මිලදීගත් දෙදෙනෙක් අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
04

ඡන්දකාඩ් මිලදීගත් දෙදෙනෙක් අත්අඩංගුවට

ඡන්දකාඩ් මිලදීගත් දෙදෙනෙක් අත්අඩංගුවට

මෙවර මහ මැතිවරණයට අදාළ ඡන්ද පත්‍රිකා මුදලට ගැනීමට උත්සාහ කළ පුද්ගලයින් දෙදෙනෙකු බේරුවල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

 

මෝටර් රථයකින් පැමිණි පුද්ගලයින් සිව්දෙනෙකු විසින් ඊයේ (03) රාත්‍රී ප්‍රදේශයේ දේවස්ථානයක් අසළ දී නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා රුපියල් 5,000ක මුදලට මිලට ගැනීමට උත්සාහ දරන බවට ප්‍රදේශවාසීන් විසින් පොලීසියට දැනුම් දී තිබුණි.

 

ඒ අනුව විමර්ශනයක් සිදු කිරීමට පොලීසිය අදාළ ස්ථානයට ගොස් ඇති අතර එහිදි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

 

කෙසේවෙතත් සෙසු සැකකරුවන් දෙදෙනා පළා ගොස් ඇති අතර පළා ගිය පුද්ගලයින්ගෙන් එක් අයෙකු අමාත්‍යාංශයක හිටපු ලේකම්වරයෙකු බව සදහන්ය.

 

මෙහිදි සැකකරුවන් පැමිණි මෝටර් රථය ද පොලීසිය භාරයට ගෙන තිබේ.

 

සිද්ධිය සම්බන්ධයෙන් බේරුවල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

views

811 Views

Comments

arrow-up