මැතිවරණ කොමිෂන් සභාව අද රැස්වෙයි – පක්ෂ ලේකම් වරුන්ටත් කැඳවීමක්

ජාතික මැතිවරණ කොමිෂන් සභාව අද(02) රැස්වීමට නියමිතයි.
රාජගිරියේ පිහිටි මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේදී පෙරවරු 10.00ට එම සාකච්ඡාව ආරම්භ වනු ඇති.
අද පෙරවරු 11.00 ට පමණ පක්ෂ ලේකම්වරුන් ද මැතිවරණ කොමිසමට කැඳවා තිබේ.
ජාතික මැතිවරණ කොමිෂන් සභාව සහ දේශපාලන පක්ෂ නායකයින් අතර පසුගිය අප්‍රේල් මස 21 වැනි දා ද මෙවැනි හමුවක් පැවැත්වූ අතර අද මෙම රැස්වීම පැවැත්වෙන්නේ එදින ගනු ලැබු තීරණයකට අනුවයි.
ඒ, ඉදිරියේදී පැවැත්වීමට නියමිත මහ මැතිවරණය ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහායි.
668 Views
Comments