පළාත් නියෝජනය කළ ඉංග්‍රීසි අක්ෂර වාහන අංක තහඩු වලින් ඉවතට

වාහන සඳහා අංක තහඩු නිකුත් කිරීමේදී ඉදිරියෙන් යොදන පළාත් නියෝජනය කරන ඉංග්‍රීසි අක්ෂර ඉවත් කිරීම සඳහා ඉදිරිපත් කළ කැබිනට් යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.
ප්‍රවාහන අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා අදාළ යෝජනාව ඉදිරිපත් කරමින් සදහන් කර තිබුනේ මෝටර් රථ වාහන ලියාපදිංචි කිරීමේ දී සෑම වාහනයක් සඳහාම ලියාපදිංචිය ඳහා අනන්‍ය වූ අංකයක් නිකුත් කෙරෙන බැවින් මෝටර් රථ වාහන දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතිය හරහා එම වාහනය කුමක්ද යන්න හඳුනාගැනීමේ හැකියාවක් තිබෙන බවයි.
ඒ අනුව මෙතෙක් පළාත් අතර වාහන හිමිකම් පැවරීමේදී අංක තහඩු වෙනස් කළ ද ව ක්‍රමය යටතේ එසේ අංක තහඩු වෙනස් කිරීමට අවශ්‍ය නොවේ.
666 Views
Comments