රැඳවියන් 8,000 කට පමණ නිදහස ලබාදෙන බව ඇමති ලොහාන් කියයි
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
08

රැඳවියන් 8,000 කට පමණ නිදහස ලබාදෙන බව ඇමති ලොහාන් කියයි

රැඳවියන් 8,000 කට පමණ නිදහස ලබාදෙන බව ඇමති ලොහාන් කියයි

සිරකරුවන්ගේ සංඛ්‍යාව වැඩිවීම සැලකිල්ලට ගනිමින් බන්ධනාගාරගතව සිටින රැඳවියන් 8,000ක පමණ පිරිසක් හැකි ඉක්මනින් නිදහස් කිරීමට කටයුතු කරන බව නව බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන්ගේ පුනරුත්ථාපන අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා පවසනවා.

 

බන්ධනාගාර වල පවතින තදබදය කඩිනමින් අවම කිරීමේ වැඩපිළිවෙළක් ලෙස මෙම පියවර ගන්නා බවයි අමාත්‍යවරයා කියාසිටියේ. දිවයින පුරා පිහිටි බන්ධනාගාරය 28ක රැඳවියන් 28, 951 මේ වන විට රඳවා තිබෙන බව අමාත්‍යවරයා සඳහන් කළා.

 

කොරෝනා වසංගතය සැලකිල්ලට ගෙන සමාව ලබා දිය හැකි වරද සම්බන්ධයෙන් තීරණයක් ගනිමින් රැඳවියන් නිදහස් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ වන විටත් උපදෙස් ලබා දී ඇති බව මාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවා.

 

සිව් අවුරුදු සමාව ලබා දීම සම්බන්ධයෙන් වූ කැබිනට් පත්‍රිකාවක් අධිකරණ අමාත්‍යංශය මේ වන විට කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබෙනවා.

 

පාර්ලිමේන්තු සංකීර්ණයේදී අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති කාරක සභා රැස්වීමේ දී මේ බව හෙළි වුණා.

 

 

 

views

627 Views

Comments

arrow-up