මහර රැඳවියන්ගේ මෘත ශරීර තවමත් අධි ශීතකරණවල - DNA සාම්පලත් ගනී

මහර බන්ධනාගාරයේ ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් විවිධ පාර්ශවයන් නියෝජනය වන පරිදි ප්‍රකාශ 145ක් සටහන් කරගෙන තිබෙනබව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.
එකම මෘත ශරීරයක්වත් ආදාහනය කිරීමක් හෝ වැළලීමක් සිදුකර නැති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටින්නේ.
එසේම මෘත ශරීර වලින් DNA පරීක්ෂණ සදහාද සාම්පල ලබාගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩි දුරටත් සදහන් කළා.
"මහර බන්ධනාගාරයේ ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තවදුරටත් විමර්ශන සිදු කරනු ලැබුවා. ඒ අනුව සම්පූර්ණ ප්‍රකාශ 145 අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ලබාගෙන තිබෙනවා.
ඒ අතර බන්ධනාගාර නිලධාරීන් 54 දෙනෙක්ගේ වෛද්‍යවරුන් 12දෙනෙකුගේ යෙදෙන නිලධාරීන් හත්දෙනෙකුගේ සහ රැඳවියන් 73 නෙකුගෙන් ප්‍රකාශ ඒ අතර වනවා.
තවදුරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ පිළිබඳ විමර්ශන සිදු කරමින් පවතිනවා.
මහර බන්ධනාගාරයේ පාමසියේ තිබී රැඳවියන් ලබාගත් බවට කියන යම් යම් ඖෂධ සම්බන්ධයෙන් තවදුරටත් විශේෂඥ මත කිහිපයක් ලබා ගැනීමට නියමිතව තිබෙනවා.
මෘත ශරීර 7ක් මේ වනවිට හඳුනාගෙන තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් 4ක මරණ පරීක්ෂණ අවසන් කර තිබෙනවා.
එකම මෘත ශරීරයක්වත් ආදාහනය කිරීමක් හෝ වැළලීමක් සිදුකර නැහැ...
මෘත ශරීර ආරක්ෂිතව අධිශීතකරණයේ තැන්පත් කර තිබෙනවා.
මේ මෘත ශරීරවල අවසන් කටයුතු සිදු කිරීම පිළිබඳව අධිකරණය විසින් ඉදිරියේදී නියෝගයක් නිකුත් කිරීමට නියමිතයි.
එම නියෝගය ලැබෙන තෙක් මෘත ශරීර අධි ශීතකරණයේ තැන්පත් කර තිබෙනවා."
"දැනට සිදුකරන ලද පශ්චාත් මරණ පරීක්ෂණ රාගම රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා විසින් සිදුකර තිබෙනවා.
ඔහු විසින් මේ මෘත ශරීරවල DNA පරික්ෂා සඳහා සම්පන්න ලබාගෙන තිබෙනවා.
ඒ වගේම රුධිර සාම්පල වගේම කෙස් සාම්පල ද ඔහු විසින් ලබාගෙන තිබෙන බවටයි වාර්තා වන්නේ මෘත ශරීර වල ඡායාරූප ද ලබාගෙන තිබෙනවා
ඇඟිලි සලකුණු ද ලබාගෙන තිබෙනවා..
පසුකාලීනව හෝ යම් හදුනා ගැනීමක් කිරීමට මෘතශරීර කාගේ ද යන්න පිළිබඳව නිශ්චය කර ගැනීම සඳහා වශ්‍ය සියලුම දත්ත මේ වන විට ලබාගෙන තිබෙනවා..
ජෛව විද්‍යාත්මක දත්ත මෙන්ම අනෙක් භෞතික දත්ත ලබාගෙන තිබෙනවා."
540 Views
Comments