“සිංහරාජයේ සිදුවන්නේ කුමක් ද..?” ජනාධිපති පෞද්ගලිකවම නිරීක්ෂණ චාරිකාවක නිරතවීමට සූදානම්
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
27

“සිංහරාජයේ සිදුවන්නේ කුමක් ද..?” ජනාධිපති පෞද්ගලිකවම නිරීක්ෂණ චාරිකාවක නිරතවීමට සූදානම්

“සිංහරාජයේ සිදුවන්නේ කුමක් ද..?” ජනාධිපති පෞද්ගලිකවම නිරීක්ෂණ චාරිකාවක නිරතවීමට සූදානම්

සිංහරාජ වනාන්තරය හරහා සිදුවන මාර්ග ඉදිකිරීම සහ වනාන්තර පරිශ්‍රය තුළ පිහිටා ඇති බව කියන හෝටලයක් පිළිබදව මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබදව විමසා බැලීම සදහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෞද්ගලිකවම නිරීක්ෂණ චාරිකාවක නිරත වීමේ සූදානමක් ඇති බව, කැබිනට් මාධ්‍ය හමුවේ දී සම කැබිනට් ප්‍රකාශක රමේෂ් පතිරණ මහතා පවසයි.

 

කෙසේ වෙතත්, ජනාධිපතිවරයා ගේ නියෝගය මත, මේ වන විට, ලංකාගම සහ නෙළුව දක්වා ඉදිකරමින් තිබෙන මාර්ගයේ ඉදිකිරීම් කටයුතු තාවකාලිකව අත්හිටුවා ඇති බවද ඔහු පවසා සිටියේ ය.

 

 

views

885 Views

Comments

arrow-up