පුරාවිද්‍යා ආඥා පනත සංශෝධනයට ජනපති අවධානය

පුරාවස්තු රැකගනිමින් ජාතික උරුමය තහවුරු කිරීම සඳහා පුරාවිද්‍යා ආඥා පනත සංශෝධනය කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවධානය යොමුව තිබේ.
ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, මේ සඳහා මහා සංඝරත්නය හා විද්වතුන් ඇතුළත් කමිටුවක් පත් කිරීමට ද ජනාධිපතිතුමා තීරණය කළ බවයි.
ජනාධිපති බෞද්ධ උපදේශක සභාවේ සිවු වැනි සභා වාරය අද පැවැත්වුණේ ජනාධිපති කාර්යාලයේදීය.
පුරාවස්තු සංරක්ෂණය පිළිබඳව එහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබේ.
පුරාවස්තු සඳහා හානි කිරීමට කිසිවෙකුටත් ඉඩ නොදෙන්නේ යැයි ජනාධිපතිතුමා අවධාරණය කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
පුරාවස්තු සහ ඓතිහාසික ස්ථාන රැක දෙන ලෙස මහා සංඝරත්නය කළ ඉල්ලීම්වලට ක්ෂණික ප්‍රතිචාර දක්වන ලෙස ජනාධිපතිතුමා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට නියෝග කළේය.
ඓතිහාසික ස්ථාන හා පුරාවස්තු සුරැකීමේ වැඩපිලිවෙළට සිවිල් ආරක්ෂක බලකායේ සහය ලබා ගැනීමට ඇති හැකියාව පිළිබඳව ද එහිදී අවධානය යොමුව තිබේ.
777 Views
Comments