කොළඹ ප්‍රදේශ රැසකට අද(18) වතුර කපෙන වේලාවන් මෙන්න
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
18

කොළඹ ප්‍රදේශ රැසකට අද(18) වතුර කපෙන වේලාවන් මෙන්න

කොළඹ ප්‍රදේශ රැසකට අද(18) වතුර කපෙන වේලාවන් මෙන්න

මහ කොළඹ ජල හා අප ජල කළමනාකරණ වැඩිදියුණු කිරීමේ ආයෝජන වැඩසටහන යටතේ අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද දිනයේදී කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.


ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සඳහන් කළේ, අද පස්වරු 8 සිට හෙට පෙරවරු 6 දක්වා පැය 10 ක කාලයක් කොළඹ 13, 14, සහ 15 යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බවයි.


මීට අමතරව කොළඹ 11 සහ 12 යන ප්‍රදේශවලට අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙනු ඇති.


මේ අතර ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය ප්‍රකාශ කළේ, අඹතලේ ජල පවිත්‍රාගාරයේ අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් ද අද දිනයේදීම පස්වරු 2 සිට අනිද්දා පස්වරු 6 දක්වා පැය 16 ක කාලයක් ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවන බවයි.


ඒ අනුව, කොළොන්නාව නගර සභා බලප්‍රදේශය, රාජගිරිය, මොරගස්මුල්ලල, ඔබේසේකරපුර, බණ්ඩාරනායකපුර, නාවල සහ කොස්වත්ත යන ප්‍රදේශවලට එලෙස ජලසැපයුම අත්හිටුවනු ඇති.

 

views

760 Views

Comments

arrow-up