රාජාංගනයේ ගම්මාන 24ක් හුදකලා කරයි

අනුරාධපුර රාජාංගනය ප්‍රදේශයේ ගම්මාන 24ක 4644 දෙනෙකු ඊයේ පස්වරුව වන විට හුදෙකලා කොට ගමන් බිමන් තහනම් කර ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.
කන්දකාඩු නරුත්ථාපන මධ්‍යස්ථානය උපදේශකයෙකු ව සිටි කොරෝනා ආසාදිතයෙකු රාජාංගනයේ අවමංගල්‍ය උත්සවයට සහභාගි වීම හේතුවෙන් එහි වැසියන් කොරෝනා අවදානමට ලක්ව ඇත.
එම ප්‍රදේශයේ පවුල් 281 කට අයත් තවත් පුද්ගලයා 1146 දෙනෙක් ස්වයං නිරෝදායනයට ලක් කර ඇත.
දැනට රාජාංගනය ප්‍රදේශයෙන් කොරෝනා ආසාධිතයන් දාහත් දෙනෙකු හඳුනාගෙන ඇත.
ඊයේ දිනයේ කොරෝනා පරීක්ෂණ 813 එම ප්‍රදේශයේ සිදුකර තිබිණි.
1294 Views
Comments