“නිවාර්” චන්ඩ සුළි කුණාටුවක් වෙයි - තද සුළං සමඟ අධික වැසි

නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති “නිවාර්” සුළි කුණාටුව ඊයේ රාත්‍රී (24) 11.30 වන විට චන්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී ලංකාවේ කන්කසන්තුරය වෙරළට කි.මී. 230ක් නැගෙනහිරින් (10.1N, 82.1E) ස්ථානගතව පැවතුනි.
එය ඉදිරි පැය 24ක කාලය තුල ඉතා චන්ඩ සුළි කුණාටුවක් බවට පත්වෙමින් දිවයිනේ උතුරු වෙරළ ආසන්නයෙන් ඉන්දියාවේ තමිල්නාඩු වෙරළ හරහා ගමන් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.
මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන්දිවයිනේ නැගෙනහිර, උතුරු සහ උතුරු මැද පළාත්වල විටින් විට පැ.කි.මි. (60-80) පමණ දක්වා වන ඉතා තද ප්‍රහාරාත්මක සුළං ඇති විය හැක. සෙසු ප්‍රදේශවල පැ.කි.මි.(40-50) පමණ දක්වා වන ප්‍රහාරාත්මක තද සුළං ඇති විය හැක.
උතුරු, උතුරු-මැද, වයඹ සහ බස්නාහිර පළාත්වල අහස වලාකුළු වලින් බරව පවතිනු ඇත. උතුරු සහ උතුරු මැද පළාත්වලත් පුත්තලම දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර ඇතැම් ප්‍රදේශවලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැක.
බස්නාහිර, සබරගමුවසහ මධ්‍යම පළාත්වලත් කුරුණෑගල සහ ගාල්ල දිස්ත්‍රික්කවලත් තැනින් තැන වැසි ඇතිවේ.
ඌව පළාතේ ස්ථාන ස්වල්පයක සවස 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක. තද සුළං මගින් සිදු විය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.
පුත්තලම සිට මන්නාරම, කන්කසන්තුරය, ත්‍රිකුණාමලය සහ මඩකලපුව හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල නිරන්තර වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
පුත්තලම සිට මන්නාරම, කන්කසන්තුරය, ත්‍රිකුණාමලය සහ මඩකලපුව හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවලසුළං උතුර සිටබස්නාහිර දක්වා දිශාවලින් හමන අතර සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (80-100) දක්වා ඉහළ යාමට හැකියාවක්පවතී.
සෙසු මුහුදු ප්‍රදේශවලසුළංවයඹ සිට නිරිතදක්වා දිශාවලින් හමයි.පුත්තලම සිට කොළඹ හරහාහම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (50-60) දක්වා ඉහළ යාමට හැකියාවක් පවතී.
සෙසු මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැ.කි.මී. 30-40 පමණ වේ.
පුත්තලම සිට මන්නාරම, කන්කසන්තුරය, ත්‍රිකුණාමලය සහ මඩකලපුව හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු හෝ දළ රළු විය හැකි බැවින්මෙම මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවුක කටයුතුවලින් වැළකී සිටින ලෙස දැනුම් දෙනු ලැබේ.
පුත්තලම සිට කොළඹ හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවිටින් විට තරමක් රළු වියහැකි බැවින් මෙම මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවුක කටයුතුවල යෙදීමේදී වඩාත් අවදානයෙන් පසුවිය යුතු බව දැනුම් දෙනු ලැබේ.
728 Views
Comments