ඊයේ කොවිඩ් ආසාදිතයන් 401 න් 201 ක් කොළඹින්
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
18

ඊයේ කොවිඩ් ආසාදිතයන් 401 න් 201 ක් කොළඹින්

ඊයේ කොවිඩ් ආසාදිතයන් 401 න් 201 ක් කොළඹින්

මෙරටින් ඊයේ වාර්තාවු කොවිඞ් ආසාධිතයන් 401 න් වැඩිම පිරිස කොළඹ දිස්ත්‍රික්කයෙන් බව කොවිඞ්19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා. එය 201 ක්.

 

ගම්පහ දිස්ත්‍රික්කයෙන් 82 ක්ද,

කලුතරින් 32 ක්ද,

ගාල්ලෙන් 09 ක්ද ලෙස ඊයේ දිනයේදි ආසාධිතයන් වාර්තා වී තිබුණා.

 

මහනුවරින් 04 ක්,

කුරුණෑගලින් ආසාධිතයන් 03 ක්,

නුවරඑළියෙන් 02 ක් හා පුත්තලමින් 01 ක් ලෙස ඊයේ ආසාධිතයන් වාර්තා වූ බව කොවිඞ්19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කලා.

 

පොලිසියේ 27 ක්, කොළඹ රිමාන්ඞ් බන්ධනාගාරයෙන් 15 ක්,,

වැලිකඩ හා නව මැගසින් බන්ධනාගාරවලින් 05 දෙනා බැගින්ද ඊයේ ආසාධිතයන් වාර්තා වී තිබෙනවා.

 

එමෙන්ම බන්ධනාගාර මූලස්ථානයෙන් එක් ආසාධිතයෙකු හා විදේශයන් හි සිට පැමිණි 03 දෙනෙකුද ඊයේ මෙරටින් හඳුනාගත් කොරෝනා ආසාධිතයන් අතරට අයත්.

 

ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඞ් ආසාධිතයන් සංඛ්‍යාව 18 දහස ඉක්මවා ගියා.

 

ඒ දිවුලපිටිය – පෑලියගොඩ කොවිඞ් පොකුරෙන් තවත් ආසාධිතයන් 398 දෙනෙකු ඊයේ දිනයේදී හඳුනා ගැනීමත් සමගයි.

 

මේ අනුව දිවුලපිටිය – පෑලියගොඩ පොකුර 14 568 දක්වා ඉහළ ගියා. ශ්‍රී ලංකාවේ සමස්ත ආසාධිතයන් සංඛ්‍යාව මේ වනවිට පවතින්නේ 18 දහස් 075 ක් ලෙසයි.

 

මෙරට කොරෝනා වෛරස් ආසාධිතයන් අතුරින් සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 12 දහස් 210 ක්.

 

දැනට මෙරට රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබමින් සිටින සංඛ්‍යාව 5799 ක් බවයි වසංගත රෝග විද්‍යා අංශය කියාසිටියේ.

 

 

views

625 Views

Comments

arrow-up