අගමැති මහින්ද අද සිය ධුරයේ වැඩ භාර ගනියි
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
11

අගමැති මහින්ද අද සිය ධුරයේ වැඩ භාර ගනියි

අගමැති මහින්ද අද සිය ධුරයේ වැඩ භාර ගනියි

මහින්ද රාජපක්ෂ මහතා නව අග්‍රාමාත්‍යවරයා ලෙස වැඩ භාරගැනීම අරලියගහ මන්දිරයේදී අද (11) පෙරවරුවේ සිදු කෙරෙනවා.

 

පෙරවරු 10.30 ට පමණ යෙදී ඇති සුබ මොහොතින් මහින්ද රාජපක්ෂ මහතා සිය ධූරයේ වැඩ භාරගැනීමට නියමිතයි.

 

ශ්‍රී ලංකාවේ 28 වන අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ ඉකුත් 09 වැනිදා දිව්රුම් දුන්නා.

 

ඒ, ඓතිහාසික කැළණිය රජමහා විහාරස්ථානයේදීයි. කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් මෙවර මහ මැතිවරණයට තරග කළ මහින්ද රාජපක්ෂ මහතා මනාප පන්ලක්ෂ 27,364ක් ලබා ගැනීමට සමත් වුණා.

 

එය මෙරට මහ මැතිවරණ ඉතිහාසයේ අපේක්ෂකයෙකු ලබාගත් වැඩිම මනාප සංඛ්‍යාව වනවා. මහින්ද රාජපක්ෂ මහතා මෙලෙස අග්‍රාමාත්‍යධුරයට පත්වූයේ සිව්වන වරටයි.

 

views

676 Views

Comments

arrow-up