නිරෝධායනය කල 62,000 න් 23,000 ක් ගැන පසුවිපරම් කළ යුතුයි – පොලිස් මාධ්‍ය ප්‍රකාශක
විදේශගත ඔබට
Latest_News
calendar
APR
18

නිරෝධායනය කල 62,000 න් 23,000 ක් ගැන පසුවිපරම් කළ යුතුයි – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

නිරෝධායනය කල 62,000 න්  23,000 ක් ගැන පසුවිපරම් කළ යුතුයි – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

මාර්තු 17 දින සිට අද වන විට ස්වයං නිරෝධායනයට ලක් කළ සමස්ථ පිරිස 62,000 ක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක වරයා විසින් මාධ්‍යට අනාවරණය කරනු ලැබීය. එම පිරිස අතුරින් 23,000 ක් පළිබඳ පසු විපරම් තවදුරටත් සිදු කළ යුතු බව ඔහු විසින් අනාවරණය කරන ලදී.

 

පසු විපරම් කිරීමේදී රෝග ලක්ෂණ පෙන්නුම් කරන පිරිස 20% ක් තරම් අඩු පිරිසක් විය හැකි අතර 40% රොග ලක්ෂණ නොපෙන්වීමට සහ තවත් 40% මෘදු රෝග ලක්ෂණ පෙන්වීමට ඉඩ තිබෙන බව පැහැදිළිව ඔප්පු වී ඇත. ඒ අනුව මෙම 23,000 ක පිරිස තවදුරටත් රෝගය බෝ නොකරන පිරිසක් බව තහවුරු කළ හැක්කේ PCR පරීක්ෂණ මඟින් පමණක් බව පෙනී යයි.

views

678 Views

Comments

arrow-up