ජනප්‍රිය රංගන ශිල්පීන් දෙදෙනෙක් දිවි ගමනට සමු දෙයි...
විදේශගත ඔබට
Latest_News
calendar
APR
18

ජනප්‍රිය රංගන ශිල්පීන් දෙදෙනෙක් දිවි ගමනට සමු දෙයි...

ජනප්‍රිය රංගන ශිල්පීන් දෙදෙනෙක් දිවි ගමනට සමු දෙයි...

ප්‍රවීණ වේදිකා, සිනමා සහ ටෙලි නාට්‍ය රංගන ශිල්පි දයා තෙන්නකෝන් මහතා අද (17) ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මිය යන විට ඒ මහතා 78 වැනි වියේ පසුවුනා.

 

1969 වසරේදී හන්තානේ කතාව සිනමා පටයෙන් සිනමාවට අවතීර්ණ වූ ඔහු  අහස් ගව්ව,එයා දැන් ලොකු ළමයෙක,බමරු ඇවිත්, කරුමක්කාරයෝ, සොල්දාදු උන්නැහැ, සෙයිලම, තරණය ඇතුළු චිත්‍රපට රැසකට සිය රංගන දායකත්වය ලබා දුන්නා.

 

මේ අතර කෝපි කඩේ ටෙලි නාට්‍ය හරහා මෙරට බොහෝ දෙනාගේ ප්‍රේක්ෂකාදරයට පත් කෝපි කඩේ අප්පුගේ චරිතය රඟපෑ  ශ්‍රී ලාල් අබේකෝන් මහතා ඊයේ (16) දිනයේදී සිය දිවි ගමනට සමු දුන්නා.

 

අසනීප තත්වයක් හේතුවෙන් ඊයේ දිනයේදී රෝහල්ගත කිරීමෙන් පසු ඒ මහතා ජීවිතක්ෂයට පත්වූ අතර මිය යන විට ඒ මහතා 72 වන වියේ පසුවුනා.

views

698 Views

Comments

arrow-up