කොරෝනාවෙන් මිය ගිය පුද්ගලයන්ගේ දේහ ආදාහනය පමණයි - රජයෙන් ගැසට් පත්‍රයක්
විදේශගත ඔබට
Latest_News
calendar
APR
12

කොරෝනාවෙන් මිය ගිය පුද්ගලයන්ගේ දේහ ආදාහනය පමණයි - රජයෙන් ගැසට් පත්‍රයක්

කොරෝනාවෙන් මිය ගිය පුද්ගලයන්ගේ දේහ ආදාහනය පමණයි - රජයෙන් ගැසට් පත්‍රයක්

නව කොරෝනා ආසාධිතව මිය යන තැනැත්තන්ගේ මෘත දේහයන් ආදාහනය කල යුතු අකාරය පිළිබඳ අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. 

 


සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කරනු ලබන විධාන වලට අනුව ආදාහනය සිදු කළ යුතු බවයි එහි දැක්වෙන්නේ. 
නිසි බලධරයා විසින් අනුමත කරන ලද සුසාන භූමියක හෝ ස්ථානයක ඒ බලධරයාගේ අධීක්ෂණය යටතේ සෙල්සියස් අංශක 800 සිට 1200ක් දක්වා වු උෂ්ණත්වයක් සහිතව විනාඩි 45 සිට පැයක් දක්වා කාලයක් දේහය සම්පූර්ණයෙන් දැවී යන තෙක් ආදාහනය සිදු කළ යුතු බවද මෙම ගැසට් නිවේදනයේ සඳහන්. 

 


මිය ගිය තැනැත්තාගේ මෘත දේහය නිසි බලධරයා විසින් නම් කරන ලද ආදාහන කටයුතු භාරගෙන සිටින තැනැත්තන් හැර වෙනත් කිසිවෙකුට භාර නොදිය යුතු බවටද මෙම ගින් විධාන සලසා තිබෙනවා. 

 


මෘත දේහය හසුරුවනු ලබන තැනැත්තන්ගේ ඇදුම සහ නැවත භාවිත කල නොහැකි පෞද්ගලික ආරක්ෂණ උපාංග ආදාහන අවස්ථාවේදී මීනි පෙට්ටිය සමග පුලූස්සා දැමිය යුතුයි. 

 


නැවත භාවිත කල හැකි උපාංග සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කරනු ලබන විධාන වලට අනුව විෂබීජහරණය කල යුතු වනවා. 

 

views

682 Views

Comments

arrow-up