මෙරට කොරෝනා පැතිරීමට මුල් වී ඇත්තේ 19 දෙනෙක්
විදේශගත ඔබට
Latest_News
calendar
APR
03

මෙරට කොරෝනා පැතිරීමට මුල් වී ඇත්තේ 19 දෙනෙක්

මෙරට කොරෝනා පැතිරීමට මුල් වී ඇත්තේ 19 දෙනෙක්

කොරෝනා වෛරසය ශ්‍රී ලංකාව තුළ මෙතරම් පැතිරී යාමට මුල්වී ඇත්තේ පුද්ගලයන් 19 දෙනෙකු බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි.

 

මෙරටදී හමුවූ කොරෝනා ආසාදිත පලමු ශ්‍රී ලාංකිකයා වූ සංචාරක මගපෙන්වන්නාත්, යාපනයේ සංචාරය කළ දේවගැතිවරයා ඇතුළු 19 දෙනෙගෙන් පසු සෙසු පිරිසට මෙම වෛරසය වැඩි වශයෙන් බෝ වී ඇති බවද ඔහු පැවසීය.

 

වෛරසය ශරීරගත වන්නන්ගෙන් වැඩි ම බලපෑමක් සිදුවන්නේ අවුරුදු 60 ඉක්ම වූ පිරිසට බව හෙලි වී ඇති බැවින් විශ්‍රාම වැටුප් ගැනීමට පැමිණෙන අය වඩාත් ප්‍රවේශම් වන ලෙසද ඔහු ඉල්ලා සිටියේය.

 

එමෙන්ම ATM යන්ත‍්‍රවලින් මුදල් ලබා ගැනීමෙන් පසු හොඳින් අත් සෝදා ගැනීම ඉතා වැදගත් බවද ඔහු සඳහන් කළේය.

views

739 Views

Comments

arrow-up