කොරෝනා වෛරසට එරේහිව ආණ්ඩුව ගන්නා සියලු පියවර සඳහා UNPයේ කොන්දේසි විරහිතව සහය
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
27

කොරෝනා වෛරසට එරේහිව ආණ්ඩුව ගන්නා සියලු පියවර සඳහා UNPයේ කොන්දේසි විරහිතව සහය

කොරෝනා වෛරසට එරේහිව ආණ්ඩුව ගන්නා සියලු පියවර සඳහා UNPයේ කොන්දේසි විරහිතව සහය

කොවිඩ් නයින්ටීන් වෛරස ව්‍යාප්තිය පාලනය කිරිමට අවංක හා සද්භාවයෙන් ආණ්ඩුව ගන්නා සියලු පියවර  සදහා කොන්දේසි විරහිතව සහය දක්වන බව එක්සත් ජාතික පක්ෂය පවසයි.

 

නිවේදනයක් නිකුත් කරමින් පක්ෂ නායක රනිල් වික්‍රම සිංහමහතා පවසන්නේ මෙම අර්බුදයට මුහුණදීම සදහා අවශ්‍ය නම් විශේෂ නීති සම්පාදනය කිරිමටපියවර ගන්නා ලෙසයි. 

 

ගෝලීය වශයෙන් වෛරස ව්‍යාප්තිය සැලකිල්ලට ගැනිමේදී මෙය සැහැල්ලුවෙන් සැලකීමට නොහැකි කාරණයක් බව පවසන රනිල් වික්‍රමසිංහ මහතා විශේෂයෙන් සමාජ දුරස්තකරණය තවදුරටත් පවත්වාගෙනයාම අතිශ්‍ය වැදගත් බව පෙන්වා දෙයි. 

 

සෞඛ්‍ය අංශ පවසන පරිදි අප්‍රේල් මස 04 වනදා සිට 11 වනදාදක්වා මෙම වසංගතය ශ්‍රී ලංකාව තුළ උපරිමයට ලඟාවිය හැකි බැවින් ඉතා සැලකිල්ලෙන් කටයුතු කළ යුතු බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත්පෙන්වා දෙයි.

views

787 Views

Comments

arrow-up