විල්පත්තු ප්‍රේරණ කලාපය මේ වනවිටත් කපමින් පවතිනවා

තඹුත්තේගම, යාය 18 ප්‍රදේශයෙන් ප්‍රවේශවීමට ඇති විල්පත්තු වනෝද්‍යානයේ ප්‍රේරණ කලාපය මේ වනවිටත් විශාල විනාශයකට ලක්කරමින් පවතින බව පාහියංගල ආනන්ද සාගර හිමි පවසයි.
"විශේෂයෙන්ම අද දවසේදී අපි යාය 18, තඹුත්තේගම ඒරියා එකෙන් ඇතුළු වෙන්න තියෙන විල්පත්තු ජාතික වනෝද්‍යානයේ ප්‍රේරණ කලාපයට ගියා. විල්පත්තු ජාතික වනෝද්‍යානයේ ප්‍රේරණ කලාපයේ වැවක් සහ වැව් බැම්මක් සැදීම සඳහා මේ වනකොට විශාල ප්‍රමාණයේ ශුද්ධ කිරීම් සහ කැපීම්, ඩෝසර් තුන හතරක් දාගෙන පස් කැපීම් සිද්ධ වෙනවා.
වනජීවී එකෙන් හෝ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් හෝ එහෙම නැත්නම් මධ්‍යම පරිසර අධිකාරියෙන් හෝ පරිසර අමාත්‍යාංශයෙන් හෝ කිසිදු අවසරයක් අරගෙන නෑ මේ කිසිදු ව්‍යාපෘතියකට. විල්පත්තුවේ ප්‍රේරණ කලාපය මේ වනවිට විනාශ කරමින් පවතිනවා" යනුවෙනුයි එහිමි සඳහන් කළේ.
පාහියංගල ආනන්ද සාගර හිමි මේ බව පැවසුවේ කෝමාරිකා වගාවක් සඳහා බව කියමින් විල්පත්තු වනෝද්‍යානයේ ප්‍රේරණ කලාපයෙහි සිදු කෙරෙන වන විනාශය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ඊයේ (28) එම ප්‍රදේශයේ සංචාරයක නිරත වීමෙන් අනතුරුව මාධ්‍ය අමතමිනි.
810 Views
Comments