බොරු සංකල්පවලට අහුවෙන්න එපා, දැනටත් පාලනය කරන්නෙ වියතුන් තමයි - වීරකුමාර

රට සංවර්ධනය කිරීමට නම්, මහත්මා දේශපාලන සංස්කෘතියක් බිහි කිරීමට නම් වියතුන් පාර්ලිමේන්තුවට යැවිය යුතු බවට සමාජය තුළ මුල්බැස ඇති සංකල්පය පුස්සක් බව ශ්‍රීලනිප මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතා පවසනවා. දැනටත් රට පාලනයක කරන්නේ වියතුන් වන බැවින් මෙම සංකල්පය ප්‍රායෝගික නොවන බොරු සංකල්පයක් බව ද මන්ත්‍රීවරයා පවසනවා.
වීරකුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ අනුරාධපුර ප්‍රදේශයේ පැවති රැස්වීමක් අමතමිනි.
මෙම සංකල්පය හේතුවෙන් වියතුන් පාලනයට සම්බන්ධ නොවන බවට ජනතාව තුළ විශ්වාසයක් ගොඩනැගී ඇති බව ද ඔහු පෙන්වා දෙනවා.
ඉංජිනේරුවන්ට, වෛද්‍යවරුන්ට, අධ්‍යාපනඥයන්ට, බුද්ධිමතුන්ට රටට සේවය කිරීම සඳහා පාර්ලිමේන්තුවට පැමිණීම අත්‍යවශ්‍ය නොවන බව පෙන්වා දෙන මන්ත්‍රීවරයා පවසන්නේ, පාර්ලිමේන්තුවේ සිටිය යුත්තේ ප්‍රතිපත්ති සකස් කරන පුද්ගලයන් බවයි.
665 Views
Comments