මත්පැන් අලෙවිසැල් යලි විවෘත කරයි..?

කොරෝනා වෛරස ව්‍යාප්තිය නිසා මාස දෙකක පමණ කාලයක් තිස්සේ වසා දමා ඇති මත්පැන් අලෙවිසල් නැවත විවෘත කිරීමට රජයේ අවධානය යොමුවී ඇත.
ඒ අනුව ලබන 15 වැනි දින සිට මත් පැන්සල් විවෘත කිරීම සම්බන්ධයෙන් සලකා බලමින් සිටින බව වාර්තා වෙයි.
ලබන 11 වැනිදා රටපුරා දෛනික කටයුතු සීමා සහිතව ආරම්භ කිරීමට ගෙන ඇති තීරණය ක්‍රියාත්මක කළහොත් 15 වනදා සිට සුරාසැල් විවෘත කිරීමට යෝජනා ඉදිරිපත් වී ඇත.
කෙසේ නමුත් ජනජීවිතය යථාවත් කිරීම ආරම්භ කිරීමේදී පුද්ගල දුරස්ථභාවය සෞඛ්‍යය නිර්දේශ පරිදි නිසි පරිදි පිළිනොපදින්නේ නම් මත්පැන් අලෙවිසල් නැවතත් දින නියමයකින් තොරව වසා දැමීමටද සාකච්චා වෙමින් ඇත.
මත්පැන් හල් වසා දැමීම නිසා රජයට දිනකට අහිමි වන ආදායම රුපියල් කෝටි 50කට වැඩි වුවද වෛරසය පැතිරීම වැලැක්වීම සඳහා ඉතා වැදගත් බව සෞඛ්‍ය බලධාරීන් විසින් පෙන්වා දීම මත සුරාසල් වසා දැමීමට රජය කටයුතු කරනු ලැබීය.
lanka C news
1410 Views
Comments