මෙරට COVID19 ආසාදිතයින් ගණන 619ක් දක්වා ඉහළට
විදේශගත ඔබට
Latest_News
calendar
APR
29

මෙරට COVID19 ආසාදිතයින් ගණන 619ක් දක්වා ඉහළට

මෙරට COVID19 ආසාදිතයින් ගණන 619ක් දක්වා ඉහළට

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 619ක් දක්වා ඉහළ ගියා. ඒ ඊයේ (28) හදුනාගත් 31 දෙනාත් සමඟින්.

 

මේ වන විට සම්පූර්ණයෙන් සුවය ලබා පිටව ගිය ගණන 134ක්. ඊයේ (28) දිනයේදි පමණක් අට දෙනෙකු සුවය ලබා තිබෙනවා.

 

ඔවුන් අයිඩීඑච් ,වැලිකන්ද සහ ඉරණවිල රෝහල්වල ප‍්‍රතිකාර ලබමින් සිටි අය බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ. 317 දෙනෙකු වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවනවා.

 

කොළඹින් කොරෝනා රෝගින් හතර දෙනෙකු හදුනා ගැනුණා. ඔවුන් නාරාහේන්පිට – දාබරේ මාවත, ටොරින්ටන් – හැටේවත්ත හා හැව්ලොක් මාවත යන ප‍්‍රදේශවල පදිංචිකරුවන්. ඒ අනුව එම ප‍්‍රදේශ හුදකලා කෙරුණා.  රෝගින් වාසය කළ නිවෙස් අවට පදිංචිව සිටි ඥාතින් ඇතුළු 200 කට ආසන්න පිරිසක් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරිමටයි පියවර ගෙන තිබෙන්නේ.

 

ඊයේ (28) හදුනාගත් 31 දෙනා අතර නිරෝධායන මධ්‍යස්ථානවල සේවය කළ යුධ හමුදා සාමාජිකයන් තුන් දෙනෙකු ද වන බවයි යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප‍්‍රකාශ කළේ.

 

කොරෝනා ආසාදනය වූ බවට හදුනා ගැනුණු නාවික හමුදා සෙබලුන් ඇසුරු කළ සියලු දෙනා මේ වන විට නිරෝධායන කටයුතු වලට යොමුකර තිබෙනවා. නිරෝධායන මධ්‍යස්ථානවල සිටි 4605 දෙනෙකු ඊයේ දිනය වන විට නිරෝධායන කටයුතු සාර්ථකව අවසන් කර නිවෙස් වෙත ගොස් ඇති බවයි යුධ හමුදාපතිවරයා පෙන්වා දෙන්නේ.

views

701 Views

Comments

arrow-up