ශ්‍රී ලාංකික සිසුන් රැගෙන ඒමට තවත් ගුවන්යානයක් ඉන්දියාවට
විදේශගත ඔබට
Latest_News
calendar
APR
29

ශ්‍රී ලාංකික සිසුන් රැගෙන ඒමට තවත් ගුවන්යානයක් ඉන්දියාවට

ශ්‍රී ලාංකික සිසුන් රැගෙන ඒමට තවත් ගුවන්යානයක් ඉන්දියාවට

ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව ඉන්දියාවේ නවදිල්ලි නුවර සිටින ශ්‍රී ලාංකික සිසුන් 143 දෙනෙකු යළි මෙරටට රැගෙන ඒම සඳහා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (29) දින උදෑසන ඉන්දියාව බලා ගුවන් පිටත්වී ගොස් තිබෙනවා.

 

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 1195 දරන එම ගුවන් යානය උදෑසන 9.05 ට කටුනායක ගුවන් තොටුපළෙන් ඉන්දියාවේ නවදිල්ලි නුවර බලා පිටත්ව ගියා.

 

ගුවන් ගමන සදහා ඒක්වන්නේ කාර්ය මණ්ඩලය 08 දෙනෙකු  පමණයි.

 

ගුවන් යානය අද (29) දහවල් 12.35 ට ඉන්දියාවේ නවදිල්ලි නුවර ගුවන් තොටුපළ වෙත ළගා වීමට නියමිත අතර ආපසු සවස 5.00 ට කටුනායක ගුවන් තොටුපළ වෙත ළගා වීමට නියමිතයි.

views

680 Views

Comments

arrow-up