ආසියාවේ විශාලම පැල්පත් නිවාස කලාපයෙන් කොරෝනා ආසාදිතයින් වාර්තා වෙයි - මිලියනයක ජිවිත අනතුරේ
විදේශගත ඔබට
Latest_News
calendar
APR
05

ආසියාවේ විශාලම පැල්පත් නිවාස කලාපයෙන් කොරෝනා ආසාදිතයින් වාර්තා වෙයි - මිලියනයක ජිවිත අනතුරේ

ආසියාවේ විශාලම පැල්පත් නිවාස කලාපයෙන් කොරෝනා ආසාදිතයින් වාර්තා වෙයි - මිලියනයක ජිවිත අනතුරේ

ආසියාවේ විශාලතම පැල්පත් නිවාස කලාපය වන ඉන්දියාවේ මුම්බායි හි ධාරවී වෙතින් කොරෝනා ආසාදිතයින් සිව් දෙනෙකු වාර්තා වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 

 

එම පිරිස අතර වයස අවුරුදු 30ක කාන්තාවක් හා 35 හැවිරිදි වෛද්‍යවරයෙකුද වන බව සඳහන්.

 

එම පැල්පත් නිවාසයක ජීවත් වූ 56 හැවිරිදි තැනැත්තෙකු පසුගිය බදාදා දින මිය ගොස් තිබුණි.

 

ධාරවී පැල්පත් නිවාස කලාපයේ මිලියනයක පමණ ජනතාව ජීවත් වන අතර එය නිව් යෝර්ක් මෙන් 30 ගුණයක් පමණ විශාල ජනගහනයක් බවයි දැක්වෙන්නේ. 

 

එවැනි කලාපයකට මෙම වෛරසය ව්‍යප්ත වීම ඉන්දියාවට දැඩි බලපෑමක් එල්ල කරන්නක් වන හෙයින් එම ජනතාව පරික්ෂා කිරීම සඳහා ඉන්දීය රජය විසින් සෞඛ්‍ය සේවකයන් 4000ක් යොදවා තිබේ. 

 

මේ වන විට ඉන්දියාවේ කොරෝනා වෛරසය ආසාදනය වූවන් 3374ක් වාර්තා වී තිබෙන අතර 77 දෙනෙකු මිය ගොස් ඇත. 

 

ආසාදිතයින් 267 කු සුවය ලබා ඇති බවද වාර්තා කරයි. 

views

981 Views

Comments

arrow-up