මහ බැංකු බැඳුම්කර වංචා නඩුව විභාග කිරීමට නීතිපති ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් ඉල්ලයි

2016 වසරහි දී සිදුවූ මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධ නඩුව විභාග කිරීමට ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් පත්කරන ලෙස නීතිපතිවරයා විසින් අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතාට දැනුම්දී තිබේ.
එම වංචාවේදී හිටපු මුදල් ඇමැතිවරයකු වන රවිකරුණානායක,හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සහ පර්පෙචවල් ටේරෂරීස් හිමිකරු අර්ජුන ඇලොසියස් ඇතුළු 11දෙනකු විසින් රුපියල් කෝටි 5998ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට චෝදනා කරමින් පවරා තිබුණි.
එම නඩුව සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකර අවසන් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව අද (11දා) කොටුව මහසේත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.
703 Views
Comments