රු 1000 මුලික වැටුප වෙනුවෙන් කදුකරයේ හර්තාල් (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
05

රු 1000 මුලික වැටුප වෙනුවෙන් කදුකරයේ හර්තාල් (PHOTOS)

රු 1000 මුලික වැටුප වෙනුවෙන් කදුකරයේ හර්තාල් (PHOTOS)

වතු කම්කරුවන්ගේ දෛනික මුලික වැටුප රුපියල් 1000 දක්වා වැඩි කරන ලෙසට වතු සමාගම්වලට බල කරමින් අද (05) දින වතුකරය පුරා හර්තාල් ව්‍යාපාරයක් අරම්භ කර තිබෙනවා .

 

මේ හේතුවෙන් අද දිනයේ කිසිදු වතු කම්කරුවෙකු සේවයට වාර්තා කර නොමැති බව වාර්තා වනවා .

 

වතු සමාගම්වලට එරෙහිව දියත් කර ඇති හර්තාල් ව්‍යාපාරයට සහයෝගය දැක්විම සදහා වතුකරයේ සියළුම වෙලදසැල් අද දින වසා දැමීමට වතුකරයේ නගර වල වෙලද සංගම් කටයුතු කර තිබෙනවා

 

එම ප්‍රදේශ වල ප්‍රවාහන කටයුතු යම් ප්‍රමාණයකට අඩාල වී තිබෙන බව වාර්තා වනවා

 

වතු සමාගම් විසින් වතු කම්කරුවෙකුගේ දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩි කිරිමේ යෝජනාවක් වතු වෘත්තිය සමිති වෙත මේ වන විට ඉදිරිපත් කර ඇති අතර ඒ සම්බන්ධයෙන් දෙපාර්ශවය අතර සාකච්ඡාවක් මේ මස 8 දින කොළඹදි පැවැත්වෙන බවයි වතු සමාගම්වල පවසන්නේ

 

 

 

 

 

 

views

661 Views

Comments

arrow-up