අධිවේගී පිවිසුම් මාර්ගයේ රේස් ගිය යතුරුපැදිකරුට 90,000ක දඩයක්

කොළඹ සහ මහනුවර ප්‍රධාන මාර්ගය ආසන්නයේ කඩවත පිවිසුම් මාර්ගයේ අධික වේගයෙන් යතුරු පැදියක් ධාවනය කළ යතුරුපැදිකරුවෙකුට රුපියල් අනූ දාහක දඩයක් නියම කර තිබෙනවා.
චෝදනා හතරකට අදාළව ගම්පහ අතිරේක මහේස්ත්‍රාත් ආර් එස් එම් මහේන්ද්‍ර රාජා මහතා මෙලෙස අද දඩ නියම කලා.
යතුරු පැදියේ මුල් ආකෘතිය වෙනස් කිරීම අංක තහඩු නොමැතිව ධාවනය කිරීම සහ වලංගු බලපත්‍රයක් නොමැතිව අපරික්ෂාකාරී ලෙස යතුරු පැදියක් ධාවනය යන චෝදනා සම්බන්ධයෙන් ඔහු වරදකරු බවට පත්කර තිබෙනවා.
යතුරු පැදිකරු විසින් මෙම චෝදනා සම්බන්ධයෙන් වරද පිළිගෙන ඇති අතර ඔහු කඩවත රන්මුතුගල ප්‍රදේශයේ පදිංචි තරුණයෙක්.
599 Views
Comments